දැක්ම හා මෙහෙවර

බස්නාහිර පළාත් 1994 අංක 02 දරණ ප්‍රඥප්ති ප්‍රකාරව 1994 වසරේදී බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පිහිටුවන ලදී. කර්මන්ත කරුවන්ගේ ආර්ථික හා සමාජීය මට්ටම්හි ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමත් බස්නාහිර පළාතේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබාදීමටත්, බස්නාහිර පළාත තුළ කර්මාන්ත සංවර්ධනය, ප්‍රවර්ධනය සහ ව්‍යාප්තිය සිදුකිරීමත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ මුලික අරමුණු වේ.

බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සමාජ ආයතන ජාලයක් සමඟ කටයුතු කරමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයේ හවුල්කරුවන් සමග ආර්ථික වර්ධනය හා රැකියා උත්පාදනය සඳහා සැලසුම් නිර්මාණය කිරීම, සාමූහිකව වැඩ කිරීම සහ දේශීය ආර්ථික සංවර්ධන ක්‍රියාවලීන් වර්ධනය කිරීම යන කාරණා සදහා සෘජුවම දායක වේ.

බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් දේශීය නිෂ්පාදන හා නිෂ්පාදනයන්, ආර්ථික දාම සංවර්ධනයක් කරා ගෙනයාම සදහා කර්මාන්තකරුවන් සදහා තමන්ගේ ශක්තීන් සහ අවස්ථාවන් හදුනාගැනීමටත්, ඔවුන්ගේ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සදහාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.මෙමගින් කර්මන්ත කරුවන්ගේ තිරසාර වර්ධනය දිරිමත් කිරීම අරමුණු කරයි.

බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මගින් පියවර මාලාවක් හරහා කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සිය පාර්ශ්වකරුවන්හට උපාය මාර්ගික සැලසුම් සදහා දායකත්වය ලබා දෙනු ලැබේ.

එය දේශීය නිෂ්පාදක කණ්ඩායම් හා අනෙකුත් ආර්ථික සහ ආයතනික පාර්ශවකරුවන් ඒකරාශීකිරීම හා සම්බන්ධීකරණය කිරීම හා ජාතික හා ඡාතයන්තර මට්ටමින් බස්නාහිර පළාත සඳහා ආර්ථික සහකරුවන් හා වෙලඳපොලවල් හඳුනාගැනීම දක්වාම විහිදී යනු ලැබේ.

අපගේ දැක්ම

“බස්නාහිර පළාත තුළ ඇති කෂුද්‍ර, සුළු හා මධ්‍යය පරිමාණ (MSM) අංශයේ කර්මාන්ත සඳහා ප්‍රධාන සේවා සැපයුම්කරු වීම”

අපගේ මෙහෙවර

කර්මාන්තකරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම තුළින් බස්නාහිර පළාත තුළ ස්ථිරසාර කාර්මික පරිසරයක් නිර්මාණය, දැනට පවත්නා හා ආරම්භක කර්මාන්ත අතර ධනාත්මක ආකල්ප නිර්මාණය කිරීම සහ සහයෝගීතා වැඩසටහන් හරහා ඔවුන් දිරිමත් කිරීම.