ගෘහ ආශ්‍රිතව ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ වැඩ සටහන

බස්නාහිර පලාතේ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සංයුක්ත සැලසුමට අනුව නිර්දේශයක් ලෙස කාන්තා ආර්ථික සවිබල ගැන්විම දක්වා ඇත. ඒ අනුව ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාවය හා කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණු පෙර දැරිව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක සභා ආයතනය සාක් සංවිධානයේ නියෝජනය වන අතරම (SAARC BUSINESS ASSOCIATION ) සභා ආයතනය සමග ඒකාබද්ධව බස්නාහිර පළාතේ ගෘහ ආශ්‍රිතව ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම මෙහි පරමාර්ථය වේ.

මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ කළුතර,කොළඔ හා ගම්පහ දිස්ත්‍රික්ක 03 ට අදාලව එක් දිස්ත්‍රික්කයකට වැඩ සටහන් 03 ක් ආදි වශයෙන් වැඩ සටහන් 09 ක් සිදු කරනු ලබන අතර කර්මාන්ත සංවර්ධන අධිකාරිය එම වැඩ සටහන් සංවිධානය කිරීම සිදු කරනු ඇත. සභා ආයතනය විසින් එම කර්මාන්තකරුවන් සදහා ව්‍යවසායකත්ව කළමණාකරන දැනුම,තාක්ෂණික දැනුම හා වෙළද පොළ අවස්ථා සොයා දීම සිදු කරනු ලබන අතර එම වැඩ සටහන් සදහා වැය වන පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ද දරනු ඇත.

මේ අනුව 2017 අවසානය වන විට විධිමත්ව ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් 700 ක ප්‍රමානයක් සවිබල ගැන්වීම මෙම වැඩ සටහනේ ඉලක්කය වේ.