පුහුණුවෙන් පසු කර්මාන්තයක්

ජාතික ආර්ථිකය සවිබල ගැන්වීමේදී‘‘ ක්ෂුද්‍ර හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රය පණ ගැන්වීම දිගු සහ කෙටි කාලීන ප්‍රතිලාභ අත්කර ගත හැකිය’’ යන තේමාව පදනම් කර ගනිමින් බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය 2017- 2018 වර්ෂයන් සදහා මෙම වැඩ සටහන ආරම්භ කර ඇත. මේ තුළින් දෙපයින් නැගි සිටිමට වෙර දරණ මිනිසුන්ට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන අතර ඒ තුළින් බස්නාහිර පළාතේ කුඩා කර්මාන්ත පුනරුදයක් ඇතිකිරීම තම අපේක්ෂාව බව කර්මාන්ත අධිකාරිය පවසයි. මේ වන විටත් කර්මාන්ත ක්ෂේත්‍ර 62 ක් සදහා තාක්ෂණික පුහුණුව ලබාදිමට අධිකාරිය කටයුතු කරමින් ඇති අතර ඒ අතරින් පූනි හා පූලි මාසය තුළ ස්ක්‍රීන් ප්‍රින්ටින්,ක්ෂණික පළතුරු බීම,ජෑම් සහ කොඩියල් නිෂ්පාදනය, මදුරු දගර නිෂ්පාදනය, ඇසුරම් කරණය, ආනයන හා අපනයන ක්‍රියාවලිය, හා තොරතුරු තාක්ෂණය යන කර්මාන්ත සදහා මෙම පාඨමාලා ආරම්භ කෙරේ.

මෙම කර්මාන්ත ක්ෂේත්‍රයන් හෝ ඔබ කැමති වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයක් වේ නම් එම කර්මාන්තයට අදාල විධිමත් පුහුණුවක් සහ පිළිගත් සහතිකයක් මෙම පඨමාලා හැදැරීමෙන් ඔබට ලැබෙනු ඇත. මීට අමතරව කර්මාන්ත ක්ෂේත්‍රයේ නියලෙන්නන් සදහා “දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට” අවස්ථාව හා මුල්‍යමය පහසුකම් සදහා සහයෝගය ලබාදීම,යන්ත්‍ර සුත්‍ර ලබා ගැනීමේ දි සහයෝගය, ව්‍යාපාර කළමණාකරණය සදහා උපදේශනය ලබා ගැනීමට නිබදව අධිකාරිය ඔබ පිටුපසින් සිටිනු ඇත.

example.com

example2.com

example3.com

link resmi Slot138